අතිගරු ජනාධිපතිතුමන් ගුවන් හමුදා සාමාජිකයින් ඇමතයි
8:31am on Friday 17th July 2015
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් ආමන්ත‍්‍රණය කිරීම සදහා 2015 ජුලි මස 10 වන දින කටුනායක මූලික කදවුර වෙත පැමිණී අතර  ඒ සදහා ආරක්‍ෂක ලේකමි බීඑමියුඩී බස්නායක හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මහත්වරුන් සහභාගී විය.

කටුනායක ගුවන් හමුදා මුලික කදවුරට පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් හට උත්තමාචාර පෙළපාලියක් පැවැත්වූ අතර මෙම සුවිශේෂි අවස්ථාව සිහිපත්වීම සදහා ජනාධිපතිතුමන් විසින් මුලස්ථාන පරිශ‍්‍රයේ නා ගසක් රෝපනය කරන ලදි.
 
කටුනායක ගුවන් හමුද කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝරු සුදර්ශන පතිරණ විසින් ජනාධිපතිතුමන් පිළිගැනීමෙන් අනතුරුව ගුවන් හමුදා සතු කාර්්‍ය භාර්්‍ය පිළිබදව දැනුවත් කිරීමෙන් පසු පැමිණි සිටි පිරිස ඇමතීම සදහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදි. සියලූ සේවා පුද්ගලයන් අමතමින් එතුමන් කියා සිටියේ ඉදිරි පැවැත්ම සදහා රෙටි ජාතික ආරක්‍ෂාවට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි.

මෙහිදී තවදුරටත් ජනාධිපතිතුමන් විසින් ජාතික ආරක්‍ෂාව සියල්ලටම වඩා වැදගත් බවත් ප‍්‍රකාශ කරන ලදි. එසේම ආරක්‍ෂක අංශයේ සියලූම නිළයන්ට වැදගත් වන ව්‍යාපෘතීන් කිහිපයක් පිළිබදව ජනාධිපතිතුමන් විසින් රැුස්ව සිටි පිරිස දැනුවත් කරන ලදි.
දේශයේ සංවර්ධනයට ආරක්‍ෂක අංශයන් දක්වනු ලබන දායකත්වය ඇගයීමට ලක් කල ජනාධිපතිතුමන් අනාගතයේ ජාතික ආරක්‍ෂාව හා සංවර්ධනය වෙනුවෙන්ද ආරක්‍ෂක අංශයන්හි දායකත්වය අවශ්‍ය බවද ප‍්‍රකාශ කරන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි