දෙවන කාණ්ඩයේ කාන්තා කි‍්‍රකටි ශුරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායමට
8:46am on Friday 17th July 2015
දෙවන කාණ්ඩයේ කාන්තා කි‍්‍රකටි ශුරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායමට අවසාන තරගය ලකුණු 04 ක තියුණු ජයකින් නාවික හමුදා කණ්ඩායම පරදා ගුවන් හමුදා ඒ කණ්ඩායම දිනා ගැනීමට සමත් වු අතර තරගය අද දින (13) කොළඹ වෙළද සේවා කි‍්‍රකටි කි‍්‍රඩාංගනයේදී පැවැත්වුණි.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ගුවන් හමුදා ඒ කණ්ඩායම පන්දුවාර 40 කදී කඩුලු 08 ක් දැවී ලකුණු 169 ක් රැුස් කළ අතර කණ්ඩයම වෙනුවෙන් නායක ගුවන් කාන්තා අනුෂ්කා සංජීවනී ලකුණු 53 ක් හා නායක ගුවන් කාන්තා ෂකිලා කුමාරි ලකුණු 37 ක් රැුස් කිරීමට සමත් විය.පන්දුවට පහර දීම හොද තත්වයේ නොතිබුණත් පන්දු රැුකීම හා පන්දු යැවීම තුලින් නාවික හමුදා කණ්ඩායම ලකුණු 165 කට සියලු දෙනා දවාලීමට හැකිවිය.

 ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ නායක ගුවන් කාන්තා ෂකිලා කුමාරි ලකුණු 23 කට කඩුලු 03 ක් දවාලීමට සමත්වු අතර නායක ගුවන් කාන්තා සුදීපා අතුකෝරළ හා නායක ගුවන් කාන්තා හර්ෂණි මදුවන්ති කඩුලු 02 බැගින් ලබා ගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි