නියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයි
5:13pm on Friday 4th June 2010
අංක 111 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 100 තම දෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කදවුරේදී සමරන ලදී.

1996 UAV බලඝණය ලෙස පිහිටවූ මෙය 2008 ජුනි 01 වන දින අංක 111 සහ 112 ලෙස බලඝණ දෙකකට බෙදා වෙන් කරන ලදී.


"සර්චර් II " (SEARCHER II) නියමුවන් රහිත ගුවන් යානා හසුරුවමින් සතුරු භූමිය පිළිබදව නිවැරදි තොරතුරු එසැනින්ම අවශ්‍ය ස්ථානවලට ලබා දෙමින් මානුෂීය මෙහෙයුමේදී සිදුකල මෙහෙවර මිලකල නොහැකිය.

ජයග්‍රහනයේ සෙවනැල්ලක් ලෙස නිහඩව තම මවුබිමට ඉටුකල සේවාව අගය කිරීමට ලක් නොවුයේ රහසිගතව හා විශ්වාස දායීව තම මෙහෙවර ඉටුකල බැවිනි.

දෙවන සංවත්සරය සමරමින් කදවුරට යාබද පොදු සුසාන භූමිය මෙම බලඝණයේ නිලධාරින් හා සෙසු නිලයන් අතින් පිරිසිදු කරන ලදී.

02 ජුනි 10 දින ඒකක අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ශෙහාන් විජේසිංහ දෙවන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ පෙළපාලිය පරීක්ෂණය කරන ලදී.මෙහිදී "වසරේ ගුවන් භටයා" සම්මානය 22136 කෝප්‍රල් නිශාන්ත WADP ඒකක අනදෙන නිලධාරීතුමා අතින් පිරිනමන ලදී.

මින් අනතුරුව සියළු නිලයන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක්ද පැවැත්විනි.



නියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයිනියමුවන් රහිත බලඝණය දෙවන සංවත්සරය සමරයි
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි