ජපන් මිත්‍රත්ව සංගමයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමෙි රථයක්
8:53am on Thursday 23rd July 2015
ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුතු නවීන ගිනි නිවීමෙි රථයක් පරිත්‍යාග කිරීම අද දින (21) ගුවන් හමුදා මුලස්ථානයේදී සිදු විය.

මෙම සංගමය හරහා 
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ස්කයි ලැඩර් වර්ගයේ ගිනි රථය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වෙත භාර දීම ජපාන දුත පිරිස විසින් සිදු කරන ලදි.

මීට පෙර ශ්‍රී ලංකාව වෙත විවිධ අවස්ථාවන් වලදී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය මගින් විවිධ උපකරණ පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රථම වරට මෙම පරිත්‍යාගය සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය අගය කිරීමක් ලෙස ජපන් නියෝජිත පිරිස සදහා විශේෂිත වූ සංස්කෘතික වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමන්ති බුලත්සිංහල මැතිණියල ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආචාර්‍ය ලාල් තිලකරත්න මහතා හා එම මැතිණිය මිඔි යොෂිෂිකෝ ඇතුලූ ජපන්  ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූ අතර ශී්‍ර ලංකා ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරීන් සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි