ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය - 2015
4:55pm on Thursday 23rd July 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ පෙර පැසැල් වාර්ෂික කී‍්‍රඩා උත්සවය 2015 ජුලි මස 22 වන දින ගුවන් හමුදා කොළඹ කඳවුරු රයිෆල් ගී‍්‍රන් ක‍්‍රීඩාපිටියේදී පැවැත්විණ.ප‍්‍රථමයෙන් ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව ඔලිම්පික් පහන දල්වා උත්සවයේ වැඩකටයුතු ආරම්භවිය. කුඩා දරු දැරියන්හට සතුටුවීම සඳහා ක‍්‍රීඩා හා විනෝද ක‍්‍රියාකාරකම් විශාල ප‍්‍රමාණයක් මෙහිදී සංවිධානය කර තිබිණ. මෙහිදී දරු දැරියන් විසින් ඉදිරිපත් කල තූර්ය වාදන සංදර්ශනය හා සරඹ සංදර්ශනය පැමිණ සිටි පිරිසගේ දැඩි අවදානයකට ලක්විය.

 ශ‍්‍රී ලංකාව පුරා පිහිටි ගුවන් හමුදා පෙර පැසැල් ජාත්‍යන්තර මට්ටමේ පාසල් තත්වයට පිහිටුවීම ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් හඳුන්වාදුන් සංකල්පයක් විය. එම පෙර පාසල් ගුණාත්මක මූලික අධ්‍යාපනයක් සැපයීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා භටයින්ගේ දරුවන් හට පමණක්ම මෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව අවට සිටින පුද්ගලයින්ගේ දරුවන් වෙනුවෙන් ද විවෘත වීම සැබැවින්ම විශාල වටිනාකමක්ය.

  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර  දරුවන් හට තෑගි ප‍්‍රධානය කිරීම ද එතුමිය අතින් සිදුවිය. ගුවන් හමුදා කොළඹ කඳවුැ අණදෙන නිලධාරී ප‍්‍රසන්න පායෝ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.මෙහි ආරම්භයේදී පසිඳු කොතලාවල ශිෂ්‍යයා විසින් පිළිගැනීමේ කථාව සිදුකල අතර යෂිර හදිගල්ල ශිෂ්‍යයා විසින් අවසානයේ ස්තූති කථාව සිදු කෙරිණ.
     
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි