සීගිරිය රැළි ක්‍රොස් 2015
12:17pm on Monday 3rd August 2015
ශ්‍රී ලංකාවේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග දින දර්ශනයේ විශේෂ තරගයක් වන සීගිරිය රැළි ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය, 2015 අගෝස්තු මස 01 සහ 02 දින විශාල නරඹන්නන් පිරිසකගේ සහභාගීත්වයෙන් සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදි පැවැත්විණ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධීපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ හා ධාවකයින්ගේ සංගමය (SLADA) සමග එක්ව මෙම තරගාවලිය සංවිධානය කර තිබිණ. ශ්‍රී ලංකාවේ ඇති එකම තාර හා බොරළු මිශ්‍ර වූ පොලොවකින් සකස් වී ඇති සීගිරිය ධාවන පථයෙහි පැවැත්වුණු මෙම තරගාවලිය ඉතා ප්‍රවේගකාරි වූ වෙනස්ම ආකාරයක තරගාවලියක් විය. ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම තරගාවලියෙන් ඉපයෙන මුදල් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභසාධන කටයුතු සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙයි.  

ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති එයාර් කොමොඩෝර් ජේ එස් අයි  විජේමාන්න , හා ගුවන් හමුදා සිගිරිය කදවුරේ අණදෙන  නිළධාරි ගෘප් කැප්ටන් හර්ෂ ජයතිලක  ඇතුළු ගුවන් හමුදා නිළධාරින් මෙන්ම සෙසු නිළයන් විශාල ප්‍රමාණයක් හා ප්‍රේ
ක්ෂකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
දැඩි තරගකාරිත්වයක්  පැවති මෙම තරගාවළියේ දක්‍ෂතම යතුරු පැදි ධාවකයාට හිමි කුසලානය ෂෙහාන් සී අධිකාරි විසින් ද තරගාවළියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමිි කුසලානය  අශාන් සිල්වා විිසින් ද දිනාගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි