ඊගල්ස් ස්පී‍්‍රන්ග් නමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව බෝතල් කල පානිය ජල ව්‍යාපෘතියක් ආරමිභ කරයි
4:04pm on Monday 3rd August 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් ඊගල්ස් ස්පී‍්‍රන්ග් නමින් බෝතල් කල පානීය ජල ව්‍යාපෘතියක් ගිරිඋල්ල ප‍්‍රදේශයේදී අද දින (03) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුගේ ප‍්‍රදානත්වයෙන් ආරමිභ කරන ලදි.

මෙම පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරය ආරමිභ කිරීෙමි මුලික අරමුණ වනුයේ ගුවන් හමුදාවට අවශ්‍ය වන බෝතල් කල පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම හා ජල බෝතල් මිලදී ගැනීෙමිදී වැයවන මුදල් අවම කර ගැනීමෙන් සැලකිය යුතු මුදල් ප‍්‍රමාණයක් ගුවන් හමුදාවට ඉතිරි කර ගැනීමයිි. මෙමගින් මසකට පානීය ජලය ලීටර් 30000 ත් 50000 ත් අතර ප‍්‍රමානයක් නිෂ්පානය කිරීමටඅපේක්‍ෂා කෙරේ.

මෙම අවස්ථාව සදහා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, විධායක පර්යේෂන හා සංවර්ධන නිළධාරී එයාර් කොමඩොර් ජයසිරි අමරසේන, විධායක සුභ සාධක ව්‍යාපෘති නිළධාරී එයාර් කොමඩෝර් සංජක විජේමාන්න, එයාර් කොමඩෝර් ලෙනාඩි රොද්‍රිගු, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මීරිගම කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සමන් පල්ලෙවෙල ඇතුලූ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි