ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ශික පරීක්ෂණය ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර
9:41am on Monday 10th August 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 අගෝස්තු මස 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේදී එහි අණදෙණ නිළධාරී ගෘෘප් කැප්ටන් එචි එන් අබේසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිලිගනු ලැබූ අතර එහිදී ද මාර්ග පෙළ කන්ඩයක් මගින් එතුමන් වෙත උපහාර පුද කරන ලදී.

මෙහිදී ද පසුගිය වර්ෂය තුල කල විශිෂ්ඨ සේවාව අගයමින් 012794 කෝප්‍රල් රණවීර කේ ආර් කේ කේ ටී එස් (අවිකරු)  ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.

පරීක‍ෂණය අවසානයේදී  කදවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සාමාජිකයින් හට කදවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙල වෙනුවෙන් ස්තුති කරමින් ඒ අය අමතා කතා කරන ලදී.

තවද  ගුවන්  හමුදාධිපතිතුමන් නව සංකල්පයක් ලෙස ගුවන් භට ගුවන් කාන්තාවන්ගේ ඕනෑම ගැටලූවක් කඳවුරු අණදෙණ නිළධාරීගේ මූලික කැඳවීමකින් අනතුරුව තමන්ගේ අවධානයට යොමු කිරීමට විශේෂ අවස්ථාවක් සලසා දීමට කටයුතු ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි