ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සුදුසුකම් නිළ ලාංඡනය ගුවන් හමුදාධිපතිතුමන්ට
10:30am on Tuesday 11th August 2015
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ප‍්‍රථම වරට අනුමත කරන ලද සුදුසුකම් නිළ ලාංඡුනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමන් වෙත පැළඳවීම ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඨාධිපති මේජර් ජෙනරාල් ජී වී ඞී යූ ඒ පෙරේරා විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී අද දින (2015 අගෝස්තු 10) සිදු කරන ලදී.

මෙම සුදුසුකම් ලාංඡුනය පැළඳවීම සඳහා ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් අතරින්  අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පාඨමාලාවන් සාර්ථකව සමත්වූ නිළධාරීන් සුදුසුකම් ලබන අතර වෙනත් රටවල පාඨමාලා හැදෑරූ නිළධාරීන්ටද මෙම ලාංජනය පැළඳවීමට අවස්ථාව හිමිවේ.

රන් පැහැයෙන් යුත් මෙම ලාංජනය “Passed Staff College” "මාණ්ඩලික විද්‍යාලීය පාඨමාලාව සමත්” යනුවෙන් සටහන් කර ඇති අතර  එය අඟල් 1.5" x 1.5" ප‍්‍රමාණයෙන් යුක්ත වේ.

මෙහි රන්වන් පැහැති පසුබිම සහිත ලාංජනය මාණ්ඩලික නිළධාරී පාඨමාලාව සමත් නිළධාරින්ට හිමිවන අතර රිදී රවුන්ඩලයක් (Roundel)  සහිත ලාංඡුනය වසරක කාලසීමාවක් ආරක්ෂක විද්‍යාලයේ උපදේශකයෙකු ලෙස කටයුතු කල නිළධාරීන්ට හිමිවේ.
මෙම ලාංජනය නිළ ඇඳුමෙහි දකුණු පස පොකට්ටුව මධ්‍යයෙහි පැළඳිය යුතු අතර මෙම ලාංජනය පැළඳීම සඳහා සුදුසුකම් ලබන සියලූම අයවලූන් හට සේවා කාලය තුළදී නිළ ඇඳුමේ සහ විශ‍්‍රාම ගැනීමෙන් පසුව තම ජැකට්ටුවෙහි (Suite Jacket) හෝ බ්ලේසරයෙහි (Blaser) පැළඳිය හැක.

බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන්  පක්ෂාංග ප්‍රධාන උපදේශක එයාර් කොමඩෝර් එච් එස් එස් තුයියකොන්තා මෙම අවස්ථාවට සහභාගි විය.



Staff Qualified Instructor insignia & Staff Qualified insignia
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි