සියලුම කදවුරු නියෝජනය කරමින් සේවා පුද්ගලයින්ට විශේෂ රැස්වීමක්
7:14pm on Wednesday 19th August 2015
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමන් සහ ගුවන් හමුදාවේ සියලුම කඳවුරු නියෝජනය කරමින් පමිණි සේවා පුද්ගලයින්  අතර විශේෂ සාකච්ඡාවක් 2015 අගෝස්තු 19 දා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ජීවන හා සේවා තත්ත්වය දියුණු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳ අවධානය යොමු කරන ලදී.තමන් ඉදිරිපත් කරන ලද අදහස් ගුවන් හමුදාධිපතිතුමන්ගේ අවදානයට යොමු කිරිමට මෙවැනි අවස්ථාවක් ලැබීම පිලිබදව සහභාගි වූවන් සතුට පළ කළහ.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ශක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා ඇතුලු උසස් නිලධාරින් පිරිසක් සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි