ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරගාවළිය - 2015
7:35pm on Friday 21st August 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරගාවළිය 2015 අගොස්තු මස 20 සඑ 21 යන දෙදින පුරාවට කටුනායක ගුන් හමුදා කදවුරු කි‍්‍රඩාංගනයේදී පවත්වන ලදි. කොළඹ ගුවන් හමුදා කදවුර සහ රත්මලාන ගුවන් හමුදා කදවුර පිළිවෙලින් පිරිමි හා කාන්තා ශූරතාවයන්ට හිමිකමි කියන ලදි.

දක්ෂතම මළල කි‍්‍රඩකයාට පිරිනැමෙන ලක්ෂ්මන් ද අල්විස් අභියෝගතා කුසලානය දිනා ගැනීමට ෆයිලටි ඔෆිසර් කොස්වත්ත ඞීඑන්එමිඑල් සමත්කමි දැැක්වූ අතර දක්‍ෂතම මළල කි‍්‍රඩකයාට පිරිනැමෙන මළල කි‍්‍රඩා සභාපති අභියෝගතා කුසලානය දිනා ගැනීමට නායක ගුවන් භට විජේරත්න සමත්කමි දක්වන ලදි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා සංචිතය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවළියේ ප‍්‍රධාන අරමුණ වනුයේ ගුවන් හමුදාව තුල සිටින කි‍්‍රඩා කෞශල්‍යන්ගෙන් හෙබි කි‍්‍රඩක කි‍්‍රඩිකාවන් හදුනා ගෙන ඔවුන්ගේ දක්ෂතාවයන් දියුණු කරමින් ජාතික හා ජාත්‍යන්තර තලයට හදුන්වා දීමයි.

තරගාවලිය අවසානයේ ජයග‍්‍රහක ජයග‍්‍රාහිකාවන් හට කුසලාන හා සහතික පත් ප‍්‍රධානෝත්සවය සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම්  අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් කි‍්‍රශාන්ත යහම්පත් මහතා, ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩා සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලූ ජේ්‍යෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.
 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි