විවිධ අංගයන්ගෙන් සමන්විත ජංගම දන්ත සායන වැඩසටහනක් මොරවැව ගුවන් හමුදා කඳවුරේදී
2:32pm on Tuesday 25th August 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධ්‍යක්ෂකය මගින් සංවිධානය කරනු ලබන විවිධ අංගයන්ගෙන් සමන්විත ජංගම දන්ත වෛද්‍ය සායන වැඩසටහන් මාලාවේ හත්වන වැඩසටහන මෙරවැව ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී පසුගිය අගෝස්තු මස 19 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලදී. ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දන්ත සෞඛ්‍යය වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සායන මාලාව මගින් ඔවුනගේ දන්ත ගැටළු විසඳාගනිමින් තම දන්ත සෞඛ්‍යය යහපත් අන්දමින් පවත්වා ගැනීමට අවස්ථාව උදා වේ.

මෙම සායන වැඩසටහන සඳහා දන්ත වෛද්‍යවරුන් 08 දෙනෙකු දන්ත සහායක සහායිකාවන් 40 පමණ සහභාගී වූහ. මෙහිදී මොවුන් විසින් මොරවැව ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ දන්ත ගැටළු වලකාලීමට උපදෙස් සහ පවතින ගැටළු සඳහා ප්‍රතිකාර කිරීම සිදුකරන ලදී.

එසේම මෙම ජංගම දන්ත වෛද්‍ය සායනය මොරවැව දකුණ සිංහල මහා විද්‍යාලයේදී අගෝස්තු මස 20 වන දින පාසල් දරු දැරියන් උදෙසාද පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි