"බ්ලැක් ඇන්ඩ් බ්ලින්ග්" කාන්තා රාත‍්‍රිය 2015
3:08pm on Wednesday 26th August 2015
ශ‍්‍රී ලංකාගුවන් හමුදා සේවා වනිතා ඒකක විසින් සංවිධානය කරන ලද ,බ්ලැක් ඇන්ඩ් බ්ලින්ග්, කාන්තා රාත‍්‍රිය අද 2015 අගෝස්තු (25) දින රාත‍්‍රියේ කටුනායක ඊගල්ස් ලැගුන් වීව් උත්සව ශාලාවේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී. කළු සහ රිදී පැහැයන් තේමා වර්ණ කොට ගෙන අති රමණීය අන්දමින් උත්සව ශාලාව වර්ණවත් කොට තිබිණි.

මෙම අවස්ථාවට ගුවන් හමුදා නිළධාරීන්ගේ භාර්යාවන්, ගුවන් හමුදා නිළධාරිනියන්, ගුවන් හමුදා සෙසු නිළයන්ගේ භාර්යාවන් සහ ගුවන් කාන්තාවන් විශාල පිරිසක් සහභාගී වූහ. විවිධ වූ විනෝදාත්මක අංගයන්, විවිධ තරඟ රාශියකින් උත්සවය සමන්විත වූ අතර සහභාගී වූවන් සඳහා ප‍්‍රණිත රාත‍්‍රි භෝජනයකින්ද සංග‍්‍රහ කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි