අංක 49 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ආරම්භ වේ
10:00am on Friday 28th August 2015
අංක 49 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2015 අගෝස්තු මස 24 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී අරම්භ කරන ලදී.  අගෝස්තු මස 24 වන දින සවස 1600පැයට කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේ ශ‍්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ ආරම්භක දේශනය අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ජේපී වනිගතුංග විසින් සිදු කරන ලදී.

1999 වසරේදී ආරම්භ කරන ලද කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසල ස්කොඩ්රන් ලීඩර් සහ ඉන් පහත නිළයන්හි නිළධාරීන්ගේ වෘත්තීමය දැනුම හා මාණ්ඩලික නිළධාරී තනතුරු සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදු කරනු ලබයි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නිළයේ නිළධාරීන් 16 දෙනෙකු, ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කැප්ටන් නිළයේ නිළධාරීන් 02 නෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් හා ලුතිනන් නිලයේ නිළධාරීන් 04 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් නිළයේ එක් නිළධාරියෙකු සති 14 (2015 අගෝස්තු 24 සිට 2015 නොවැම්බර් 27) ක් පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාවට සහභාගී වෙයි. ආරම්භක දේශනයෙන් අනතුරුව තම තමන් හඳුන්වා දීමේ සැසිය අරම්භ කරන ලද අතර අනතුරුව පාඨමාලාවේ දේශකයන් විසින් පාඨමාලාවේ අන්තර්ගතය සහ අරමුණු පුහුණු නිළධාරීන් හට ඉදිරිපත් කරන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි