රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය - 2015
8:22pm on Friday 28th August 2015
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය, 2015 අගෝස්තු මස 28 වන දින සවස බොරැල්ල සියලූ ශාන්තුවරුන්ගේ කතෝලික දේවස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය මගින් පසුගිය යුද සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා සෙබලුන් මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහිකර යාඥා කිරීම, සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් මෙන්ම කඳවුරු ඒකකයන් වෙත ආශිර්වාද කිරිම සිදු කරන ලදි.

මෙම දේව මෙහෙය සඳහා ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ නිළධාරීින්, ගුවන් හමුදාවේ ජ්‍යෂ්ඨ නිළධාරීන් හා කදවුරු/ ඒකක නියෝජනය කරමින් විවිධ වෘත්තීන් වල ගුවන් භටයින් පිරිසක් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි