ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමග හමුවක්
4:31pm on Wednesday 2nd September 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන  හමුවීම් මාලාවේ තවත් එක් හමුවක් 2015 සැප්තැම්බර් මස 01 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පවත්වන ලදී. මේ සඳහා කඳවුරේ සේවය කරනු ලබන නිලධාරිනීන්, ගුවන් කාන්තාවන් සහ සේවා පුද්ගලයින්ගේ භාර්යාවන් රැසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පවත්වනු ලැබූ අතර මෙහිදී සහභාගීවූවන් සමග සේවා වනිතා කටයුතු සම්බන්ධයෙන් ඇති ප‍්‍රශ්න හා ගැටලූ පිළිබඳව සාකච්ජා කරන ලදී.

එසේම හමුව අවසානයේ ගුවන් හමුදා පෙර පාසලේ උපදේශකතුමිය වන වයලට් සිරිවර්ධන (පෙර පාසල් තාක්ෂණික උපදේශක) මහත්මිය හා පෙර පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් හමුවූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඔවුන් සමග  සුහද කථාබහකද නිරත විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය, අම්පාර සේවා වනිතා ඒකකයේ සභාපතිනී හිරන්‍යා වික‍්‍රමරත්න මහත්මිය,අම්පාර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න සහ සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි