ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර කටුනායක
4:37pm on Friday 4th September 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2015 සැප්තැමිබර් මස 03 සහ 04 යන දෙදින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටුනායක මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර පසුගිය වර්ෂය තුළ කටුනායක කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්‍යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් එක් බලලත් නිළධාරීවරයෙකුල ජේ්‍යෂ්ඨ අණ නොළත් නිළධාරීන් 06 දෙනෙකුල කනිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 05 දෙනෙකුල ගුවන් භටයින් දෙදෙනෙකු සහ එක් සිවිල් මහත්මයෙකු ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීක‍ෂා කල අතර අලූතින් ඉදිකර ස්ථාපිත කරන ලද පර්යේෂණ හා සංවර්ධන පක‍ෂාංගය එතුමන් විසින් විවෘත කරන ලදි.   

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමා විසින් කටුනායක කඳවුරේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලූම සිවිල් සේවකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලදී. අවසාන වශයෙන් එතුමන් අවධාරණයෙන් කියා සිටියේ මාතෘභූමිය ගොඩනැගීම සදහා නිරන්තරයෙන්ම ගුවන් හමුදාවේ දායකත්වය අවශ්‍ය බවයි.
 
ගුවන් හමුදාධිපති සම්මාන ලැයිස්තුව

15528  බලලත් නිළධාරී ඩබ් ඩබ් කේ බී දෙහිගම  (තාක්ෂණික ඉදිකිරිම් පරීක්ෂක විශේෂ)
15714    බලරැසැරයන් පීරිස් ඒ එස් කේ (සලාක පරීක්ෂක)
19020   බලරැසැරයන් බණ්ඩාර ටී එම් බී කේ එම් (තාක්ෂණික ඉදිකිරිම් උපකරණ වැද්දුම්කරු)
23352   සැරයන්  විතානගේ ආර් කේ ඩී (ගුවන්යානා හා විද්‍යුත් උපකරණ වැද්දුම්කරු)
25863   සැරයන් තෙන්නකෝන් ටී එම් ඩබ් කේ (ගුවන් සැකිලි වැද්දුම්කරු)
010651  සැරයන් රත්නායක ආර් එම් ආර් යූ බී (වඩු තාක්ෂණික ශිල්පී)
012444  සැරයන් ආරියරත්න බී කේ ජී (ඉලෙක්ටේ‍රනික් තාක්ෂණික ශිල්පී)
19019  කෝප්‍රල් ජයවර්ධන එන් ඒ කේ එන් (ගුවන් රේඩියෝර් තාක්ෂණික ශිල්පී)
28037  කෝප්‍රල් පුෂ්පකුමාර බී එච් ඒ (ගුවන් සුනක පාලක)
32823 කෝප්‍රල් ප්‍රනාන්දු එම් එස් සී (ගුවන් රේඩියෝර් තාක්ෂණික ශිල්පී )
34449 කෝප්‍රල් පි්‍රයන්ත එස් ජී එල් (ගුවන් රේඩියෝර් තාක්ෂණික ශිල්පී )
38723 කෝප්‍රල්  මිහිරාන් යූ ඩී පී (මෝටර් රථ කාර්මික ශිල්පී )
019743 නායක ගුවන් භට බන්නෙහෙක බී එම් ආර් ජී (ඉලෙක්ටේ‍රනික් තාක්ෂණික ශිල්පී)
023644 නායක ගුවන් භට පුෂ්ප කුමාර පී එම් වී (මෝටර් රථ ප්‍රවාහන ක්‍රියාකරු)
එම් නුවන් ලසන්ත  මහතා (කම්කරු)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි