ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංකිර්ණය රත්මලාන කදවුරේදී විවෘත කරයි
9:53pm on Tuesday 8th September 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද දින නව යුගයක උදාවත් සමගින් පිහිණුමි හා ජල ක්‍රීඩා සදහා අලූතින් ඉදිකර නිමකරන ලද ජල ක්‍රීඩා සංකීර්ණය අද ( 2015 සැප්තැමිබර් මස 08) ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන ගුවන් හමුදා මූලික කදවුරේදී විවෘත කරල ලදි.

මෙම පිහිණුමි තටාකාංගනය දිගින් මීටර් 50 ක් හා පළලින් මීටර් 25 ක් වේ. එහි නොගැඹුරු අන්තය මීටර් 1.4 ක් සහ ගැඹුරු අන්තය මීටර් 5.2 කි. මන්තීරු 10 කින් සමන්විත මෙම පිහිණුමි තටාකාංගනය සුගතදාස ක්‍රීඩාංගනයේ ඇති පිහිණුමි තටාකාංගනයට වඩා මීටර් 03 ක් පළලින් හා මංතීරු 02 ක විශාලත්වයකින් යුක්ත වේ.

මෙම තටාකාංගනය පිහිණුමි ක්‍රීඩා ජළ පන්දු ක්‍රීඩා දිය පිමි හා ජීවිතාරක‍ෂක ක්‍රීඩා යන ක්‍රීඩාවන් සදහා භාවිතා කල හැති ආකාරයට නිර්මාණය කර ඇත.

තවද ජළ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමට අවශ්‍ය සියලූම පහසුකමි එනමි පරිපාලන කටයුතු සදහා අවශ්‍ය මැදිරි, තහනමි උත්තේජක පරීක‍ෂා කිරීම සදහා විශේෂ මැදිරි, ප්‍රභූන් සදහා විශේෂිත කුටි, ක්‍රීඩකයන් හට රැදී සිටිය හැකි කාමර පහසුකමි, ප්‍රථමාධාර කටයුතු සදහා විශේෂිත මැදිරි, පුවත්පත් සාකචිජා හා රැස්වීමි පැවැත්විය හැකි දේශන ශාලා වලින් සහ එකවර ප්‍රේක්ෂකයින් 1000 කට පමණ රැදී සිටිය හැකි ප්‍රේක්ෂකාගාර යන පහසුකමි තටාකාංගනය පිහිටි මහලේම පිහිටා තිබීම මගින්ද මෙම පිහිණුමි තටාකාංගනය සුගතදාස ක්‍රීඩාංගනයේ තටාකාංගනය අභිබවා ගොස් ඇත.

මෙම පිහිණුමි තටාකාංගනයේ ඉදිකිරීම 2009 වසරේ අප්‍රේල් මස සිට ආරමිභ කරන ලද අතර මුල්‍යමය සීමාවක් හේතුවෙන් ටික කලකට තටාකාංගනයේ ඉදිකිරීමි නවතා දමන ලදි.  අනතුරුව 2013 දෙසැමිබර් 01 දින සිට නැවත තටාකාංගනයේ ඉදිකිරීමි කටයුතු ආරමිභ කරන ලදි.

මෙහි සියලූම ඉදිකිරීමි ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක‍ෂකයේ අධීක‍ෂණය යටතේ සිදු කරන ලදි. මීට අමතරව මේ සදහා අවශ්‍ය තාක්ෂණික දැනුම මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්‍යංශය විසින් සහ ශ්‍රී ලංකා ජලක්‍රීඩා සංගමය ලබා දී ඇත. මෙම පිහිණුමි සංකීර්ණය ඉදිකිරීම සදහා මෙ වන විට රුපියල් මිලියන 162 කට අධික මුදලක් වැය වී ඇත.

ගුවන් හමුදා ජල ක්‍රීඩා සංගමයේ අපේක්ෂාව වනුයේ ගුවන් හමුදාව තුල පිහිණුමි හා ජල ක්‍රීඩාව වැඩිදියුණු කර උසස් තත්වයකට ගෙන ඒම තුලින් ගුවන් හමුදාවට ජයග්‍රහණ වැඩිවැඩියෙන් අත් කර දීමයි. මේ වන විටත් ගුවන් හමුදා ජල ක්‍රීඩා සංගමය තුලින් දක්ෂ පිහිණුමි හා ජල ක්‍රීඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝමයක් බිහිකර ඇත. 2011 වසරේ මීටර් 50 නිදහස් ආර පිහිණුමි ඉසවිෙවි ශ්‍රී ලංකා වාර්තාවට හිමිකමි කියන ක්‍රීඩකයා බිහිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී ඇති අතර ගුවන් හමුදා කාන්තා ජල පන්දු ක්‍රීඩිකාවන් 05 වතාවක් ජාතික ශූරතාව හිමිකර ගැනීම හා පිරිමි කණ්ඩායම 2011 වසරේ ශූරයන් වීමට සමත් විය.

ආරක්ෂක ලේකමි බී එමි යූ ඩී බස්නායක මැතිතුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලයේ නිළධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ, කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවී ජයසිංහ ඇතුලූ නිළධාරීන්, සෙසු නිළයන් පිරිසක් මෙම උත්සවය සදහා සහභාගී විය.
 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි