පාකිස්තාන සන්නද්ධ හමුදා දූත පිරිස ගුවන් හමුදාධිපතිතුමා හමුවෙයි
1:28pm on Wednesday 16th September 2015
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර මාණ්ඩලික සාකච්ඡා 3 වන වටය සඳහා විදේශ හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්  මේජර් ජෙනරල් ඉෆ්ටිඛර් අහමඩ් වියිනේ මහතා ඇතුළු කොළඹ සිටින පකිස්තානු සන්නද්ධ හමුදා නියෝජිත පිරිසක් හා ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් අද දින (2015 සැප්තැම්බර් 16) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

හමුදාධිපති හා මෙම නියෝජිත පිරිස රටවල් දෙකටම අදාළ වන කරුණු පිළිබඳව සාකච්ඡා කල අතර අනාගතයේ ගෝලීය අභියෝග වලට මුහුණ දීමේදී එක්ව වැඩ කිරීමට ඔවුන්ගේ ඇති කැමැත්ත මෙහිදී පළ කළහ.

මෙම හමුවීම සිහිපත් වීම පිණිස ගුවන් හමුදාධිපතිතුමා හා අධ්‍යයක්ෂ ජනරාල් වරයා අතර සමරු ඵලක හුමවාරුක්ද සිදු විය.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි