ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ රුක් රෝපණ වැඩසටහනක්
3:40pm on Wednesday 16th September 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එමිපීඒ ගලප්පත්තිගේ මග පෙන්වීම යටතේ රුක් රෝපන වැඩසටහනක් එම කදවුරේ සියලූ නිළධාරීන්ගේ හා සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් 2015 සැප්තැමබර් මස 14 වන දින සිදු කරන ලදි.

විසිතුරු අතින් වැදගත්කමක් ඇති අනාගතය සදහා ආරක‍ෂා කල යුතු අලංකාර පැළ ඇතුලූ  පළතුරු හා දැවමය වශයෙන් වටිනාකමක් ඇති පැළ වර්ග 100 කට වැඩි ප්‍රමාණයක් රෝපණය කිරීම කදවුරු අණදෙන නිළධාරීගේ සහභාගීත්වයෙන් කදවුරු පරිශ්‍රයේ සිදු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි