ශ්‍රී ලංකා ගුවන් යානා ඒකකය (MINUSCA)- සිය පළමු සංවත්සරය සමරයි
3:26pm on Thursday 17th September 2015
 මධ්‍යම අප‍්‍රිකාවේ රාජකාරියේ නියුතු  ශ්‍රී ලංකා ගුවන් යානා ඒකකය (MINUSCA)- දෛනික ක්‍රියාකාරකමි සමිපූර්ණ කිරීමෙන් අනතුරුව සිය පළමු සංවත්සරය 2015 සැප්තැමිබර් මස 09 වන දින සලකුණු කලේය.

උදැැසන පෙළපාලිය සිදු කිරීමෙන් අනතුරුව විශේෂිත අවස්ථා සනිටුවහන් කරමින් දවසේ රාජකාරීන් ආරමිභ කරන ලදි. බල ඇණියේ අණදෙන නිළධාරී පෙළපාලිය අමතමින්, තම නිවසින් හා තමා ආදරය කරන අයගෙන් ඈත්ව සමස්ථ වර්ෂය පුරාම කැපී පෙනෙන සේවාවක් සිදු කිරීම සමිබන්ධව සියලූ සාමාජිකයන් හට සුභ පැතූවේය. බලඇණියක් සදහා හොද නමක් ලබා දීමට අනුබල දීම හා ඔවුන් තම නිවාස සදහා පිටත්වන දවස දක්වා මෙම සේවාව දිගටම කරගෙන යාමට දිරිමත් කල බව බල ඇණි අණදෙන නිළධාරී විසින් අවධාරණයෙන් කියා සිටියේය.

පෙළපාලියෙන් පසු සමිප්‍රදායානුකූලව පොල්තෙල් පහන බල ඇණි අණදෙන නිළධාරී හා බල ඇණි සාමාජිකයන් විසින් දැල්වීමෙන් අනතුරුව සියලූ නිළයන් සදහා සූදානමි කර තිබූ රසවත් කෑම වේල සියලූ දෙනා විසින් භුක්ති විදිනු ලැබූහ.

අනතුරුව සංවිධායක කමිටුව විසින් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලිය සදහා බල ඇණි සාමාජිකයන් එක් විය. තරගාවලිය සදහා නිළධාරීන්, බලලත් නිළධාරීන්, ජෙ‍්‍යෂ්ඨ අණ නොලත් නිළධාරී හා කනිෂ්ඨ අණ නොලත් නිළධාරී වශයෙන් තරග කණ්ඩායමි හතරක් සහභාගී විය. උද්වේගකාරී තරගාවලියකින් පසු මෙම කණ්ඩායමි අතරින් නිළධාරීන්ගේ කණ්ඩායම හා කනිෂ්ඨ අණ නොලත් නිළධාරීන්ගේ කණ්ඩායම අවසාන තරගය සදහා සදුසුකමි ලැබූහ. අවසාන තරගයෙන් නිළධාරීන්ගේ කණ්ඩායම ජයග්‍රහණය ලබා ගත්හ. 

උත්සවය ඉදිරියට පවත්වාගෙන යමින් සවස් කාලයේ නිළධාරී නිළ නිවාස අවට විවෘත ප්‍රදේශයේ  සාදයක් පැවැත්වුණි. සියලූම බල ඇණි සාමාජිකයින් දැඩි පරිසරයක් තුල වසරක කාලයක් සාර්ථකව තම රාජකාරීන් නිසියාකාරව අවසන් කිරීමෙි ප්‍රීතිය වෙනුවෙන් සියලූ දෙනා එක්ව ගිනි දල්වා මෙම අවස්ථාව සමරනු ලැබූහ. බල ඇණි අණදෙන නිළධාරී සහ සැපයුමි සංවිධායක එක්ව සංවත්සර කේක් කැපීමෙන් පසු සාදයේ සමාලෝචනය සිදු වූ අතර අනතුරුව සාදයේ සතුට නිමා විය.  


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි