2015 සීගිරිය රැලි ක්රොස් ධාවන තරගය සදහා වූ ටිකට් පත් දිනුම් ඇදීම
3:27pm on Thursday 17th September 2015
2015 සීගිරිය රැලි ක්රොස් ධාවන තරගය සඳහා වූ ඇතුළුවීමේ ටිකට්පත් මගීන් දිනුම් ඇදීමෙන් ජයග්‍රහණය  කරන ලද ජයග්‍රහකයින් හට මුදල් ත්‍යාග ලබා දීම  ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් ධාවන සංගමයේ  සභාපති හා ශ්‍රී ලංකා ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සී.පී. වැලිකල මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (2015 සැප්තැම්බර්  17 )  ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

 කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවයේ නියුතු 026089 නායක ගුවන් භට කරුණාරත්න ආර්.එම්.එන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානයට හිමි ත්‍යාගය දිනා ගන්නා ලද්දේ ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ, 36560 නායක ගුවන් භට කරුණාරත්න යූ.ඩී.එච්.ඒ යන අය විසිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් ධාවන සංගමයේ ලේකම් විංග් කමාන්ඩර් වී ටී එස් සිරිමාන්න මෙම අවස්ථාවට සහභාගී විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි