සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් හා දානමය පිංකමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
10:38am on Tuesday 22nd September 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මියගිය හා අතුරුදන්වූ රණවිරුවන් හට පිං අනුමෝදන් කිරීමේ අදිටනින් සහ හමුදාධිපතිතුමන් ඇතුලු සියලුම ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිළයන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් 2015 සැප්තැම්බර් 21 වන දින රාත්‍රියේ සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණි.

පිරිත් සජ්ඣායනය ආරම්භය සනිටුවහන් කරමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් 'සධාතුක කරඬුව' ගුවන් හමුදා මූලස්ථානය වෙත පෙරහැරකින් වඩමිමා පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් අනතුරුව අද දින උදෑසන (2015 සැප්තැම්බර් 22) මහා සංඝරත්නය 63 නමක් වඩමිමා අටපිරිකර පුජාවක් සහිතව මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමන ලදි. මෙම උතුම් කර්තව්‍යය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි