ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2015
9:52pm on Wednesday 23rd September 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරගය අද දින (2015 සැප්තැම්බර් මස 23)  තුම්මුල්ල ගුවන් හමුදා සෙඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී කටුනායක ගුවන් හමුදා කදවුර පිරිමි අංශයේ ශූරතාවයටත් ඒකල වෘත්තීය පුහුණු පාසැල කාන්තා අංශයේ ශූරතාවයටත් හිමිකම් කියන්නට සමත්විය. දක්‍ෂතා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදා කබඩි සංචිතය සඳහා තෝරා ගැනීම මෙමගින් සිදු කරනු ලබයි.

ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසැල හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කදවුර පිලිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හී දෙවන ස්ථානයන් හිමිකරගන්නා ලදී. ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය, ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති එයාර් කොමඩෝර් එම්.ඩී රත්නායක,ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.

තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - බලපන්ති සැරයන් කරුණාතිලක ජේ.ආර්.ඩී  - කටුනායක ගුවන් හමුදා කදවුර
තරඟාවළියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - සැරයන් විතාන  එම්.යු - ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි