අංක 63 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව
8:43am on Tuesday 29th September 2015
අංක 63 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය සැප්තැම්බර් මස 25 වන දින චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගොඩබිම් සටන් පුහුනු පාසල් ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී. විධායක සංවර්ධන ව්‍යාපෘති නිළධාරී එයාර් කොමඩෝර් ආර්පීටී කොරයා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. චීන වරාය විද්‍යා පීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් එච්එම්එස්කේබීකොටකදෙණිය සහ එක් එක් පක්‍ෂාංගයන්හි අණදෙන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

සති එකොලහක් පුරාවට පවත්වනු ලැබූ මෙම පාඨමාලව සඳහා ශ‍්‍රී ලංකාගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 43 කු සහ කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 39 දෙනෙකුද යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 02 කු සහ නාවික හමුදාවේ එක් ප‍්‍රධාන සුළු නිළධාරියෙකු සහ එක්  සුළු නිළධාරීවරයෙකු වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 86 දෙනෙකු සඳහා සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

25801 සැරයන් කුමාර ඩබ්ඒඑම්එන් (පරිපාලන සහායක විශේෂ 1) විසින් සෑම අතින්ම දක්‍ෂ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 30125 කෝප‍්‍රල් රත්නායක ආර්එම්ඩීඑන් (ගුවන් හමුදා තත්ව පාලක) විසින් සෑම අතින්ම දක්‍ෂ කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයද දිනා ගන්නා ලදි.

ත්‍යාග ලාභීන්

දක්‍ෂතම කළමණාකරණ ශිෂ්‍යයා - 31771 කෝප‍්‍රල් අමරවීර පීඑම්එස් (මෙහෙයුම් භූමි)

සෑම අතින්ම දක්‍ෂතම ජ්‍යේෂ්ඨ අධිකරී නොලත් නිළධාරීන්

පළුමු ස්ථානය - 25801 සැරයන් කුමාර් ඩබ්ඒඑම්එන් (පරිපාලන සහායක)
දෙවන ස්ථානය - 17343 බලපංති සැරයන් නානායක්කාර එච්එල්ඒසී (ගුවන් යානා ඉංජිනේරු)
තුන්වන ස්ථානය - 26574 සැරයන් කරුණාතිලක ටීඑම් (විද්‍යුත් කන්ථුක රේඛන ශිල්පී)

සෑම අතින්ම දක්‍ෂතම කණිෂ්ඨ අධිකරී නොලත් නිළධාරීන්

පළුමු ස්ථානය - 30125 කෝප‍්‍රල් රත්නායක ආර්එම්ඩීඑන් (ගුවන් හමුදා තත්ව පාලක)
දෙවන ස්ථානය - 29374 කෝප‍්‍රල් බෝපේආරච්චි බීඒඑම්පීටීබී (ගුවන් සුනඛ පාලක)
තුන්වන ස්ථානය - 30355 කෝප‍්‍රල් හපුආරච්චි එච්යූඑස්සී (පරිපාලන සහායක)

දක්‍ෂතම කථීකයා
ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 23843 බලපංති සැරයන් පි‍්‍රයන්ත ජීඑච්ආර් (ශාරීරික අභ්‍යාස පුහුණුකරු)
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 30374 කෝප‍්‍රල් සුභසිංහ එස්ඒඑම්එන් (පරිපාලන සහායක)

ශෘරීරික යෝග්‍යතාව අතින් දක්‍ෂතමයා
ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 23843 බලපංති සැරයන් පි‍්‍රයන්ත ජීඑච්ආර් (ශාරීරික අභ්‍යාස පුහුණුකරු)
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 33463 කෝප‍්‍රල් තිලකරත්න පීආර්ජීඩී (මෙහෙයුම් භූමි)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි