වීරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයට
7:50pm on Thursday 1st October 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය අද (2015 ඔක්තෝම්බර් 01) දින සිදුකරන ලදී. වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පීඑස්එන් ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය වෙත පිළිගන්නා ලදී. මෙහිදී ගුවන් හමුදාධිපති උත්තමාචාර පෙළපාලියක්ද පවත්වන ලදී.

කඳවුරු පරීක්ෂණය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම ස්ථානයන් පරීක්ෂාවට භාජනය කරන ලදී. පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපත්තුමන් විසින් කඳවුරු සියළුම නිළයන් හා සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදි.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරීමත්, ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සියළුම නිළයන් හා සිවිල් සේවක මහත්මීන් දක්වන දායකත්වය අගය කිරීමත්, ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි