අන්තර් ඒකක පැසි පන්දු තරගාවලිය - 2015
10:41pm on Friday 2nd October 2015
අන්තර් ඒකක පැසි පන්දු තරගාවලිය - 2015 තුම්මුල්ල ශී‍්‍ර ලංකා ගවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී 2015 ඔක්තෝම්බර් 02 දින පැවැත්විණ. කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පිරිමි සහ කාන්තා ශූරතාවයන් දිනාගැනීමට සමත් විය.

කටුනායක ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික ඉංජිනේරු පක්‍ෂාංගය පිරිමි අවසන් තරගය සඳහා තරගවදිමින් අනුශූරතාවය දිනාගත් අතර චීන වරාය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය කාන්තා අවසන් තරගය සඳහා තරඟවදිමින් කාන්තා අනුශූරතාවය දිනාගැනීමට සමත් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා පැසි පන්දු සංගමයේ සභාපති එයාර් කොමඩෝර් පී ඞී කේ ටී ජයසිංහ ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් රැසක් ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි