ලෝක ළමා දින සමරුම් උත්සවයක් ගුවන් හමුදා කොළඹ කඳවුරේදී
3:52pm on Saturday 3rd October 2015
ගුවන් හමුදා කොළඹ කඳවුරු පෙරපාසල විසින් සංවිධානය කල ලෝක ළමා දිනය සැමරීමේ උත්සවයක් 2015 ඔක්තෝම්බර් 02 වන දින කොළඹ කඳවුරේදී පැවැත්විණ. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය මෙම අවස්ථාවට ප‍්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය.

පෙර පාසල් දරුවන් විසින් ඔවුන්ගේ දක්ෂතා එළි දක්වමින් ගායන, වාදන, නර්තන, අභිරූපණ රංගන වැනි අංගයන් රැසක් ඉදිරිපත් කරන ලදී. මෙහිදී දරුවන් විසින් එළිදැක්වූ දක්ෂතා අගයකරමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය හා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩල නිළධාරීන්ගේ භාර්්‍යාවන් විසින් දරුවන්ට අත්‍යවශ්‍ය උපකරණ ඇතුලත් ත්‍යාග පාර්සල් ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා , ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන් හා දරුදැරියන්ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි