ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක ළමා දින සමරුම
4:01pm on Saturday 3rd October 2015
ලෝක ළමා දිනය සැමරීමේ උත්සවයක් 2015 ඔක්තෝම්බර් 03 වන දින රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

ගුවන් හමදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා දරුවන් 250 පමණ සහභාගී වී සිටයහ. ඔවුන් සඳහා සුනඛ සංදර්ශන, මැජික් සංදර්ශන ඇතුලු විනෝදාත්මක ක‍්‍රියාකාරකම් කිහිපයක් ම මෙහි සංවිධානය කර තිබිණ. ලෝක ළමා දිනයට සමගාමීව දෙමසකට ප‍්‍රථම විශාල දරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වනු ලැබූ චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානය කිරීම ද මෙම උත්සව අවස්ථාවේදී සිදුවිය.

ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් පී ඞී කේ ටී ජයසිංහ ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් ද ගුවන් හමුදා විවිධ කඳවුරු නියෝජනය කරමින් දරුදැරියන් විශාල පිරිසක් ද සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි