විජයග‍්‍රහණ සැමරුම 2010
6:19pm on Thursday 17th June 2010
පුරා දශක තුනකට අධික කාලයක් පුරාවට වෙලී පැවතුණු දරුණු ත‍්‍රස්ථවාදය මව්බිමෙන් තුරන් කොට වසරක් පිරීමේ දිනය සමරනු වස් හෙට (ජූනි 18) උදෑසන 08.30 ට ගාලූ මුවදොර දී උත්තමාචාර පෙළපාලියක් පවත්වනු ලබයි.

ජාතික වජයග‍්‍රහණ සැමරුම් පෙළපාළිය මෙවර නැවුම් මුහුණුවරකින් පවත්වනු ලබන අතර මෙහිදී විජයග‍්‍රහණය වෙනුවෙන් ඇප කැපවුණු සියළුම හමුදාවන්හි සියළුම ඒකකයන් (මූලස්ථාන කණ්ඩායම, නැගෙනහිර, උතුර සහ වන්නි කණ්ඩායම්) පෙනී සිටිනු ලබයි.

එසේම මානුෂීය මෙහෙයුමේ විජයග‍්‍රහණය වෙනුවෙන් දායකත්වය දැක්වු සියළුම පියාසර බලඝණ තම ආචාරය විදහා දක්වනු වස්, බෙල් 212, බෙල් 412, එම් අයි 17. එම් අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර්, පී ටී 06 පුහුණු ගුවන් යානා, කේ 08 පුහුණු ජෙට් යානා, සී 130 හර්කියුලිස් ප‍්‍රවාහන ගුවන් යානා, ඒ එන් 32 ප‍්‍රවාහන ගුවන් යානා, එෆ් 07 ප‍්‍රහාරක ජෙට් යානා, කෆීර් ප‍්‍රහාරක ජෙට් යානා සහ මිග් 27 ප‍්‍රහාරක ජෙට් යානා විසින් ගාලූ මුවදොර ගුවන සිසාරා පියඹා යමින් තම
ආචාරය පුද කොට සිටිනු ලබයි.

මානුෂීය මෙහෙයුම වෙනුවෙන් ගුවන් හමුදාව භාවිතයට ගත් අවි ආයුධ ඇතුළු යුධ උපකරණ සහ ගුවන් ආරක්‍ෂණ පද්ධතීන් මෙන්ම අතිශයින් වැදගත් වූ රේඩාර් පද්ධතීන්ද විජයග‍්‍රහණ සැමරුම් පෙළපාලියේ ගමන් කරනු ලබයි. පෙළපාලියේ ගුවන් හමුදා බළඇණිය වෙනුවෙන් ගුවන් කොමදෝරු සුමංගල ඩයස් අණදෙනු ලබන අතර, මූලස්ථාන ඛණ්ඩය සඳහා ගෲප් කපිතාන් ලෙනාඞ් රොද්‍රිගෝ ද, නැගෙනහිර ඛණ්ඩය සඳහා
ගෲප් කපිතාන් සුදර්ශන පතිරණ ද, උතුරු ඛණ්ඩය වෙනුවෙන් ගෲප් කපිතාන් රවීන්‍ද්‍ර ලියනගමගේ සහ වන්නි ඛණ්බය වෙනුවෙන් විංග් කමාන්ඩර් ශෙහාන් ප‍්‍රනාන්දු අණදෙනු ලබයි.

ගුවන් හමුදා සී 130 ගුවන් යානයක අඩි 6000 ක් උසින් නිදහස් පැනුම් පනිමින් ත‍්‍රිවිධ හමුදා ස්කයි ඩයිවර්ස් කණ්ඩායම විජයග‍්‍රහණ පෙළපාලිය හැඩගන්වනු ලබයි. එසේම ජාතික විජයග‍්‍රහණ සැමරුම් පෙළපාලිය ගුවන් හමුදා බීච් ක‍්‍රාෆ්ට් යානයේ සිට රූ ගත කරනු ලබන අතර එම දර්ශන සජීවීව ජාතික රූපවාහිනිය මගින් විකාශනය කරනු ලබයි.

ජාතික විජයග‍්‍රහණ සැමරුම් පෙළපාලය ගාලූ මුවදොර දී නිමාවට පත්වීමෙන් අනතුරුව සවස 4.00 ට පාර්ලිමේන්තු කී‍්‍රඩාපිටියේ පිහිටා ඇති රණවිරු අනුස්මරණ ස්මාරකය අභියස දේශයේ විජයග‍්‍රහණය වෙනුවෙන් තම දිවි පූජා කල ඒ අභිත රණ විරුවන් සිහි කරනු වස් රණවිරු අණුස්මරණ උළෙලක් පවත්වනු ලබයි.

සජීවීව විකාශය

කැමරා කාචයේ සටහන් වූ විජයග‍්‍රහණ සැමරුම් පෙළපාලියේ පෙර පූහුණුවීම්..........

විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010විජයග‍්‍රහණ සැමරුම 2010
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි