කිලිනොචිචියේ රාමනාතපුරමිහි වෛද්‍ය සහ දන්ත සායනයක්
5:03pm on Friday 16th October 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර මගින් සංවිධානය කල ජංගම වෛද්‍ය සහ දන්ත සායනයක් කිලිනොචිචියේ වටිටකචිචි රාමනාතපුරමි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රී පිටියේදී 2015 ඔක්තෝමිබර් මස 14 වන දින ඉරණමඩු කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එමිපීඒ ගලප්පත්ති නිළධාරීගේ අනුග්‍රහය යටතේ සිදු කරන ලදි.

මෙම වැඩසටහන පැවැත්වීමෙි අදහස වූයේ එම ප්‍රදේශයේ සිසුන්ගේ හා සිවිල් වැසියන්ගේ සෞඛ්‍ය සේවා තත්වය වැඩි දියුණු කිරීම සදහා වෛද්‍ය සහ දන්ත ප්‍රතිකාර පහසුකමි සැපයීමයි. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකමි ලබා දිය යුතු අයට සැපයීම හා එමගින් ජාතික සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලිය සදහා උදවි උපකාර කිරීම පිළිබදව ප්‍රජා නායකයින් සහ සිවිල් වැසියන් එක් රොක් වී කදවුර වෙනුවෙන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කර සිටියහ.   

සායනය මගින් සිසුන් හා සිවිල් වැසියන්ගේ පෙනීම, ඇහුන්කන්දීමෙිදී දෝෂ, මානවමිතික මිනුමි ඇගයීම, ශරීර ස්කන්ධ දර්ශකය, දන්ත නිර්ණය, දන්ත සනීපාරක‍ෂාව හා අනෙකුත් වැදගත් ඉන්ද්‍රිය පද්ධතිය ඇගයීම වෛද්‍ය දන්ත වෘත්තිකයන් හා ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය සහායක කාර්‍ය මණ්ඩලය මගින් සිදු කරනු ලැබූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි