ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරීම සහ ආධුනික ගුවන් භට/කාන්තාවන් විසිරයාමේ පෙළපාලිය
1:59pm on Tuesday 20th October 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරේදී පසුගියදා අවසන් වූ ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරීමේ සහ ආධුනිකයින්ගේ විසිර යාමේ පෙළපාලියට සහභාගී වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපතිතුමන් පෙළපාලිය අමතමින් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුල අද දින වෘත්තීමය ජීවිතය ආරමිභ කරන සියලූම අධුනිකයන් තම රාජකාරිය තුල ඔවුන් තම මාතෘභූමිය වෙනුවෙන් තම දායකත්වය ඉටු කිරීමට කටයුතු කරන ලෙසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව අංක 55 වන කෙඩෙට් නිලධාරී සහ අංක 07 කෙඩෙට් නිලධාරිණී පාඨමාලාවේ කෙඩෙටි නිළධාරීන් 46 දෙනෙකු අධිකාරියට පත්කිරීම සහ  අංක 161 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 31 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදැරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 598 දෙනෙකු අභිමානවත් විසිරයාමේ පෙළපාලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරේදී 2015 ඔක්තෝමිබර් මස 19 වන දින උදැසන නිමාවට පත්විය. 83 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදැරූ කැඩෙට් නිළධාරීන් හට පියාසර නිල ලාංජන පැළඳවීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා චීනවරාය කඳවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, ඇතුලූ ති්‍රකුණාමල දිස්ති්‍රක්කයේ යුධ නාවික සහ පොලිස් ආරක‍ෂක අංශයන්ට අයත් ජ්‍යෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.

 මෙම පාඨමාලාවන් තුල කෙඩෙටි නිළධාරීන්/ නිළධාරිණියන් වසර 03 ක අසීරු පුහුණුවක් ලබා පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කර ඇති අතර ගුවන් භට/ ගුවන් කාන්තාවන් සති 20 ක කාළයක් පුහුණුවීමි සිදු කර පාඨමාලාව සාර්ථකව සිදු කර ඇත. මෙම විසිරයාමේ පෙළපාලියේ අණදෙන නිළධාරී වශයෙන් විංග් කමාන්ඩර් එච් ඩී හියුමාල් ධර්මදාස කටයුතු කරන ලදී. පෙලපාලිය අභිමානවත් බව තවත් වැඩි කරමින් පියාසර පුහුණු පක්ෂාංග අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් අසේල ජයසේකරගේ අණදීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර බළඝණය මගින් ගුවන් යානා යොදා ගනිමින් පැමිණ සිටි සියලු දෙනා අමන්දානන්දයට පත්කරමින් ගුවන් කරනමි සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරු තූර්‍ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා සරඹ කණ්ඩායම එක්ව විචිත්‍රවත් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.
ලකඹර ජයගත් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ආධුනික ගුවන් භටයින් විසින් ඔවුන් පුහුණුවන ලද අත්දැකීමි උපයෝගී කර ගනිමින් සතුරු කදවුරු වලට ප්‍රහාරයක් දියත් කරන ආකාරයේ කි්‍රයාදාම සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදි.

අංක 55 කෙඩෙට් නිළධාරීන් සහ අංක 07 කාන්තා කෙඩෙට් නිළධාරිණියන්ගේ පාඨමාලාවේ ත්‍යාගලාභීන්


දක්ෂතම කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී අබේරත්න එච් ආර් කේ
සෑම අතින්ම දක්ෂතම කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී විජේරත්න ඩබ් ආර් එස් එල් එම්
දක්ෂතම ගුවන් නියමු කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී වීරසේකර එල් ආර්
දක්ෂතම පරිපාලන රෙජිමේන්තු කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරිණී කලුපහන ඩී එන්
දක්ෂතම විද්්‍යුත් හා විදුලි සංදේශ කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරිණී රත්නවීර පී ආර් එස්
දක්ෂතම ගුවන් මෙහෙයුම් කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී බක්මීදෙණිය ඩී ආර් ටී එම්
දක්ෂතම පරිපාලන කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරිණී පීරිස් යූ ජේ එන් සී
දක්ෂතම ටෙක් ඉංජින් කෙඩෙට් නිළධාරී - ආධුනික කෙඩෙට් නිළධාරී ද සිල්වා එල් ඩී ඩී ඒ පී

අංක 160 ආධුනික නිත්‍ය ගුවන් භට පාඨමාලාවෙහි ත්‍යාගලාභීන්

සරඹ අතින් දක්ෂතම ගුවන්භටයා -TA/32730 ආධුනික ගුවන් භට ජයසේන වයි එස් එන්
දක්ෂතම වෙඩ්ක්කරු -TA/32950 ආධුනික ගුවන් භට සූරියගේ පී එස්
දක්ෂතම ශිෂ්‍යයා -TA/33124 ආධුනික ගුවන් භට මනෝරත්න එම් ඒ කේ ඩී
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් භටයා -TA/32965 ආධුනික ගුවන් භට අසේල කේ ටී
සෑම අතින්ම දක්ෂතම ගුවන්භටයා -TA/32857 ආධුනික ගුවන් භට ලිව්ලියද්ද එන් ටී එස්
මැරතන් ධාවන ශූරයා -TA/32974 ආධුනික ගුවන් භට අබේරත්න ඩී පී එල් පී

අංක 30 ආධුනික නිත්‍ය ගුවන් කාන්තා පාඨමාලාවෙහි ත්‍යාගලාභීන්
දක්ෂතම වෙඩික්කාරිය- TW/2270 ආධුනික ගුවන් කාන්තා නවගමුව එන් එස් ඩී
දක්ෂතම ශිෂ්‍යයාව -TW/2315  ආධුනික ගුවන් කාන්තා ද සිල්වා ඩබ් එච් ආර් ඩී
සරඹ අතින් දක්ෂතම ගුවන් කාන්තාව -TW/2323  ආධුනික ගුවන් කාන්තා කහංගම ඩී එන්
සෑම අතින්ම දක්ෂතම ගුවන් කාන්තාව- TW/2334 ආධුනික ගුවන් කාන්තා පූජානි ඒ කේ ඩී ඩී
දක්ෂතම ශාරිරික යෝග්‍යතාවය හිමි ගුවන් කාන්තාව -TW/2334 ආධුනික ගුවන් කාන්තා පූජානි ඒ කේ ඩී ඩී
මැරතන් ධාවන ශූරිය -TW/2314 ආධුනික ගුවන් කාන්තා ගනේගම ජී ඩබ් එම් එම්


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි