ගුවන් හමුදා ක්රීඩා මණ්ඩපය විවෘත කිරිම
12:40pm on Friday 23rd October 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරෙහි ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරිම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2015ඔක්තෝබර් 22) දින පැවැත්විණි.

මෙම ක්‍රීඩා මණ්ඩපය විශේෂයෙන්ම මල්ලව පොර, ජූඩෝ, කරාතේ සහ ටයිකොන්ඩො ආදී ක්‍රීඩා ක්ෂේත්‍රයන්හී ක්‍රීඩකයින් සඳහා සියලුම පහසුකම් සපයනු ලබයි.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා කටුනායක මුලික කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා , ජේෂ්ඨ නිලධාරීන් ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි