අන්තර් ඒකක ස්කොෂ් තරඟාවලිය - 2015
8:24pm on Wednesday 28th October 2015
ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී අද (2015 ඔක්තෝබර් 28) දින නිමාවට පත්විය. තියුණු තරඟයකින් අවසන් වූ අන්තර් ඒකක ස්කොෂ් අවසන් තරගයේ ශුරතාවය ගුවන් හමුදා වව්නියාව කඳවුරු කණ්ඩායම දිනා ගත් අතර අනුශුරතාවය ගුවන් හමුදා කටුනායක කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායමට හිමිවිය.

මෙම තරගාවලියේ ජයග්‍රාහී ගුවන් හමුදා වව්නියාව කඳවුරු කණ්ඩායම, ගෲප් කැපිටන් ආර්.ඒ.වී.බී රාජපක්ෂ , වින්ග් කමාන්ඩර් ඩී.ආර්.ඩබ් ජයවර්ධන, ස්කොඪ්රන් ලීඩර් ජේ.කේ.එච් රවින්ද්‍ර, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී.ජේ.එම් වීරසිංහ, ස්කොඩ්‍රන් ලීඩර් හුරීගොල්ල කෝප්‍රල් රණසිංහ එච්.කේ සහ කෝප්‍රල් ජයසේන එස්.කේ.ඩී යන අයගෙන් සමන්විත විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් මහතා සහභාගි විය. තවත ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සන්චිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම් එල් කේ පෙරේරා සහ ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් රවී ජයසිංහ ඇතුලු නිලධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

මෙම තරගාවලිය ආධුනික,විවෘත,35ට වැඩි සහ 45ට වැඩි ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවති අතර විශාල තරගකරුවන් ප්‍රමාණයක් තරගාවලිය වෙනුවෙන් ඉදිරිපත්ව සිටීම කැපී පෙනුනි. තරගාවලියේ ප්‍රතිඵල පහත සඳහන් පරිදි  වේ.


ආධුනික
ශූරතාවය - නා.ගූ.භ විකරමසිංහ ඒ.ජී.ආර්.ඩී (රත්මලාන කදවුර )
අනු ශූරතාවය - විංග් කමාන්ඩර් එන්.එම්.සී.බී නිශ්ශංක (කටුනායක කදවුර )
 

විවෘත
ශූරතාවය -නා.ගූ.භ අල්විස් පී.කේ.එම්  (රත්මලාන කදවුර )
අනු ශූරතාවය - සැරයන් අසේල ඩබ්.ඒ.එම් (රත්මලාන කදවුර )


වයස අවු.35
ශූරතාවය - විංග් කමාන්ඩර් ජී.ආර්.එම් ජයවර්ධන
අනු ශූරතාවය (වවුනියාව කදවුර )


වයස අවු.45 වැඩි ශූරතාවය
ශූරතාවය - ගෲප් කැප්ටන් එච් ඊ විජේවීර ( කටුනායක කදවුරා
අනු ශූරතාවය - ගෲප් කැප්ටන් එච්.එම්.බී හේරත් ( රත්මලාන කදවුර )


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි