ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසල
1:49pm on Friday 30th October 2015
 ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය අද (2015 ඔක්තෝබර් 29) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසලේ පවත්වන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වන්නි සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රුක්මන් දසනායක විසින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර එහිදී උත්තමාචාර පෙලපාළිය
ක් මගින් එතුමන් වෙත සම්මාන පුද කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් මෙම සටන් පුහුණු පාසලේ සියලූම ස්ථාන පරීක‍ෂා කල අතර පරීක්ෂණය අතරතුරදී පාසලේ අලූතින් ඉදිකරන ලද ස්කොෂ් ක්‍රීඩා සංකීර්ණය එතුමන් විසින් විවෘත කරන ලදී. මෙහිදී පසුගිය වර්ෂයේදී වන්නි සටන් පුහුණු පාසල තුළ කළ විශිෂ්ඨ සේවාව අගයමින් 17463 බලපංති සැරයන් චමින්ද කුමාර ඊ පී (සැපයුම් සහයක) සහ 18072 බලපංති සැරයන් චමින්ද එස් ආර් (මෙහෙයුම් භූමි) ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

පරීක්ෂණය අවසානයේදී වන්නි සටන් පුහුණු පාසලේ සියලූම නිළධාරීන් , සෙසු නිළයන් , සිවිල් සේවක මහතුන් සහ සියලූම සාමාජිකයින් හට කඳවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිලිවෙල වෙනුවෙන් ස්තූති කරමින් ඒ අය අමතා කථා කරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි