වව්නියාව ගුවන් හමුදා කඳවුර සිය 37 වන සංවත්සරය සමරයි
5:34pm on Saturday 31st October 2015
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 37 වන සංවත්සරය පසුගිය ඔක්තෝබර් මස 27 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර් ඒ යූපී රාජපත්ෂගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.  සංවත්සරයට සමගාමීව ප‍්‍රජා වැඩසටහන් මාලාවක් සහ විනෝදාත්මක වැඩසටහනක් කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්ඒයූපී රාජපක්‍ෂ, කඳවුරු නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

වැඩ පෙළපාලියෙන් කඳවුරු සංවත්සර දින වැඩසටහන ආරම්භ වූ අතර රගර් තරගාවලියක් සහ සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරගාවලියක් පවතුවන ලද අතර සියළු නිලයන් සඳහා වූ දිවා භොජනයෙන් වැඩසටහන අවසන් කරන ලදී.

සංවත්සරයට සමගාමීව ඉසින්බැස්සගල විහාරයේ සහ අලගල්ල මහා විද්‍යාලයේ ශ‍්‍රමදාන වැඩසටහනක් ඔක්තෝබර් මස 26 වන දින පවත්වන ලදී. එසේම ප‍්‍රදේශයේ දරු දැරියන් උදෙසා අලගල්ල මහා විද්‍යාලයේදී වෛද්‍ය සහ දන්ත වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි