ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හොදම හැකර් තරගාවලියේ රන් සමිමානය දිනා ගනී
6:14pm on Tuesday 3rd November 2015
ශී‍්‍ර ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය (SLCERT) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘Hacking Challenge 2015’ තරගාවලියේ රන් සහ ලෝකඩ කුසලාන ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සයිබර් ආරක්‍ෂක මෙහෙයුමි අංශය විසින් අද දින (2015 නොවැමිබර් මස 03) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමිමන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදී ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එරන් වික‍්‍රමනායක මහතා අතින් ලබා ගන්නා ලදි.

මෙම තරගාවලියේදී තොරතුරු තාක්‍ෂණ වෘත්තීයෙවිදීන් සතු තොරතුරු ආරක්‍ෂක ශිල්පීය ක‍්‍රම මගින් පරිඝණක පද්ධති වල පවතින අවධානමි සහගත ස්ථාන හා කි‍්‍රයාකාරකමි හදුනාගෙන එමගින් පද්ධති අකර්මන්‍ය කිරිමත් ඊට එරෙහිව ප‍්‍රතිකර්ම ලබා දීමේ හැකියාවන් පරීක්‍ෂා කරන ලදි.

සමස්ථ දිවයින ආවරණය වන පරිදි කණ්ඩායමි 16 ක් සහභාගීත්වයෙන් 2015 ඔක්තෝමිබර් මස 15 වන දින මෙම තරගාවලිය පවත්වන ලදි. මෙහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිපත් වූ කණ්ඩායමි දෙක ‘Black Flyers’  සහ ‘Copper Head ’  පිළිවෙලින් රන් සහ ලෝකඩ කුසලාන දිනා ගන්නා ලදි.

මෙම උත්සවය සදහා සමිභාවනීය ආරාධිත අමුත්තකු ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිෂ් මාර්ෂල් රොහාන් පතිරගේ මහතා සහ ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණ නිළධාරී ගෲප් කැප්ටන් අරෝෂ විතාන මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කාර්‍ය සාධනය පහත සදහන් පරිදි වේ.
ජයග‍්‍රාහක කණ්ඩායම - ‘Black Flyers’
03206 ෆලයින් ඔෆිසර් ඩබිඒඑල්එස් වීරසිංහ
41112 නායක ගුවන් භට සෙනෙවිරත්න එමිඑමි
43981 නායක ගුවන් භට සේනානායක එස්ඒඑස්ටී

ජයග‍්‍රාහක දෙවන කණ්ඩායම -‘Copper Head ’
32715 කෝප‍්‍රල් තිලකරත්න එල්එමිසීකේ
32997 කෝප‍්‍රල් කිරීගේ කේඒඑස්අයි
44153 නායක ගුවන් භට රණසිංහ ආර්ඒඑන්කේ

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි