ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේදී ගිනි නිවීමේ සරඹයක
12:08pm on Saturday 7th November 2015
ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සරඹයක් කොළඹ ඩිවලොප්මන්ට් හෝල්ඩින් පුද්ගලික සමාගමේදී අද (2015 නොවැම්බර් 06) දින සවස සිදු කරන ලදී.මෙහිදී ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් හදිසි ගිනි ගැනීම් අවස්ථාවකදී ජීවිත ගලවා ගැනීමේ සරඹ කිහිපයක නිදර්ශනයන් ඉදිරිපත් කරන ලදී. එහිදි කඹ ආධාරයෙන් තුවාල කරුවන් රැගෙන ඒම, හදිසි තත්වයකදී උස් ස්ථානයක සිට පැනීමට භාවිතා කරනු ලබන සුළං පිරවූ බැලූනය මතට පැනීමේ ආදී නිදර්ශනයන් ඉදිරිපත් කරන ලදී.

ස්කොඩ්රන් ලීඩර් හෙට්ටිආරච්චි විසින් මෙහෙයවනු ලැබූ ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් 31 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ සරඹය සිදු කරන ලදී.

ශී‍්‍ර ලංකා ලංකා ගුවන් හමුදා ප‍්‍රධාන ගිනි නිවාරන නිලධාරී ගෲප් කැප්ටන් චින්තක ඩයස් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි