ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවළිය - 2015
11:00am on Thursday 12th November 2015
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බිලියඩි තරගාවලිය පසුගියදා (2015 නොවැමිබර් මස 06 දින) දියතලාව ගුවන් හමුදා කදවුරේදී නිමාවට පත්විය. ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු කණ්ඩායම, මඩකලපුව කදවුරු කණ්ඩායම සහ රත්මලාන ගුවන් හමුදා මූලික කදවුරු කණ්ඩායම මෙම තරගාවලියේ සම ජයග‍්‍රහණයන් ලබා ගැනීමට සමත් විය.

 මෙම තරගාවලියේ හිගුරක්ගොඩ මුලික ගුවන් හමුදා කදවුරු කණ්ඩායම, අනුරාධපුර මුලික ගුවන් හමුදා කදවුරු කණ්ඩායම සහ කටුනායක මූලික ගුවන් හමුදා කදවුරු කණ්ඩායම සම අනුශුරයන් බවට පත්විය.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ඩිජේසී වීරකෝන් මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් විශාල පිරිසක්ද සහභාගී විය.  


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි