සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් මීරිගම ගුවන් හමුදා කඳවුරේදී
12:18pm on Friday 13th November 2015
ගුවන් හමුදාවට සෙත් පතා සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් පසුගිය නොවැම්බර් මස 9 සහ 10 යන දෙදින තුළදී මීරිගම ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මීරිගම ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස් සී කේ පල්ලෙවෙලගේ ප‍්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය කර්මය පවත්වන ලදී.

පිරිත් සජ්ජායනාව සහ දානමය පුණ්‍ය කර්මය සඳහා කරඬුව වැඩමවීම සහ ස්වාමීන් වහන්සේලා වැඩම කරවීම ගුවන් හමුදා සාමජිකයින් විසින් දේශීය නර්තනයන්ගෙන් සමන්විත අලංකාර පෙරහැරකින් සිදු කරන ලදී. මෙම අවස්ථාවට අංක 4 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ අණදෙන නිලධාරී ඇතුලු නිලධාරීන්, සේවා පුද්ගලයන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි