අන්තර් ඒකක වොලිබෝල් ශූරතාවලිය - 2015
10:05am on Sunday 15th November 2015
ගුවන් හමුදා අන්තර් ඒකක වොලිබෝල් ශූරතාවලිය 2015 තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පසුගියදා (2015 නොවැමිබර් මස 13) නිමාවට පත්විය. එහිදීගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසල සහ ගුවන් හුමුදා කොළඹ කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතා දිනා ගැනීමට සමත් විය. ගුවන් හමුදා පලාලි කදවුර සහ රත්මලාන ගුවන් හමුදා මුලික කදවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකමි කියන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ආර්ජේ පතිරගේ ඇතුලූ ජේෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී විය.
පහත සදහන් කාණ්ඩ යටතේ ක්‍රීඩකයින් සමිමාන හිමි කර ගන්නා ලදි.
පිරිමි
හොදම පන්දුු ඔසවන්නා
45720 නා.ගු.භට  සමරකෝන් එස්එමිපීකේ -ගුවන් හමුදා සටන් පුහුණු පාසැල වන්නි

දක‍ෂතම ප්‍රහාරකයා
42255 නා.ගු.භට  කුමාරසිංහ     -ගුවන් හමුදා කදවුර පලාලි

හොදම ක්‍රීඩකයා
25434 සැරයන් හේරත් ඒඒවී    - ගුවන් හමුදා සටන් පුහුණු පාසැල වන්නි

කාන්තා
හොදම පන්දු ඔසවන්නිය
ඒඩබි/2591    නාගුභට  වීරක්කොඩි පීඑමි -ගුවන් හමුදා කදවුර කොළඹ

දක‍ෂතම ප්‍රහාරකයා
ඒඩබි/3585    නාගුභට රත්නායක ආර්එමිපීකේ    -ගුවන් හමුදා කදවුර කොළඹ

හොදම ක්‍රීඩිකාව
ඒඩබි/2550    සැරයන් දුල්මිණි එචිපීසී -ගුවන් හමුදා කදවුර කොළඹ


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි