මොරවැව ගුවන් හමුදා කඳවුරේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක්
6:07pm on Tuesday 17th November 2015
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය 2015 නොවැම්බර් මස 14 සහ 15 යන දෙදින තුළ මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරීී විංග් කමාන්ඩර් සුලෝචන මාරප්පෙරුම ගේ මගපෙන්වීම මත මෙම සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව සිදු කරන ලදී. මෙහිදී දේශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ට, මොරවැව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සේවා පුද්ගලයින් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සමාජිකාවන්ට සෙත් පැතීම සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි