එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය උතුරු පළාතේ සංචාරයක
4:33pm on Sunday 22nd November 2015
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය සමන්තා පවර් මහත්මිය අද උදෑසන උතුරු පළාතේ සංචාරය ආරම්භ කිරීමට පළාලි වෙත යාම සදහා ගුවන් ගමන් ආරම්භ කරන ලදි.

එක්සත් ජනපද තානාපතිණිය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI 171 හෙලිකොප්ටරයක් කොළඹ ආරක‍ෂක අමාත්‍යංශ ක්‍රීඩාංගණයේ සිට උතුරු පළාත බලා පිටත් වුවාය.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කරුණාසේන හෙටිටිආරචිචි මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුත්සිංහල මහතා මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි