ආරක‍ෂක ලේකම් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
4:44pm on Thursday 3rd December 2015
ආරක‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතා 2015 දෙසැමිබර් මස 03 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක‍ෂක ලේකම්වරයා ගුවන් හමුදා මුලස්ථානය වෙත පැමිණිමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් එතුමන්ව සුහදව පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක‍ෂාංගය විසින් එතුමන් වෙත උත්තමාචාර පුද කරන ලදි.

ඉන් අනතුරුව ගුවන් හමුදා තොරතුරු තාක‍ෂණ පක‍ෂාංගයේ ප්‍රධාන තොරතුරු තාක‍ෂණ නිළධාරී ගෘෘප් කැප්ටන් අරෝෂ් විතාන විසින් ගුවන් හමුදාව තුල තොරතුරු තාක‍ෂණ පද්ධතියෙහි දියුණුව සහ එහි ව්‍යාප්තිය පිළිබදව නිදර්ශනයන් සමගින් ආරක‍ෂක ලේකමිවරයා වෙත පැහැදිලි කරන ලදි.

මෙම සංචාරය අතරතුර ආරක‍ෂක ලේකමිවරයා හා ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය සහ ගුවන් හමුදා ජ්‍යෂ්ඨ නිළධාරීන් අතර හමුවක්ද සිදුවිය.

ආරක‍ෂක ලේකමිවරයාගේ සංචාරය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙම හමුවීම සිහිපත් විම පිණිස ආරක‍ෂක ලේකමිවරයා හට සමරු සිහිවටනයක් ලබා දුන් අතර ආරක‍ෂක ලේකමිවරයා විසින් ගුවන් හමුදා මුලස්ථාන සංචාරය සනිටුවහන් කරමින් විශේෂ අමුත්තන්ගේ සටහන් තබන පොතෙහි අත්සන් තබන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි