ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් බංගලාදේශයේ නිළ සංචාරයක
4:01pm on Monday 14th December 2015
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එායර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා බංගලාදේශයේ නිළ සංචාරයක නිරත විය. ගුවන් හමුදාධිපතිතුමන් සමගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියද සංචාරයට එක් වූවාය.

බංගලාදේශ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් අබු එස්රර් මහතාගේ ආරාධනයකට  අනුව මෙම සංචාරය සිදු කරන ලදී.

මෙම සංචාරය අතරතුරදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් බංගලාදේශ ජනාධිපති මුහම්මද් අබ්දුල් හමීඩ් මැතිතුමා, අග‍්‍රාමාත්‍ය ෂික් හසීනා මැතිණිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් මුහම්මද් ෆරීද් හබීබ්, යුධ හමුදාධිපති ජෙනරාල් අබු බිලාල් මුහම්මද් ශෆිඋල් හක් සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් අබු එස්රර් හමු විය.

එසේම ගුවන් හමුදාධිපතිතුමන් විසින් ජාතික ආරක්ෂක විද්‍යාලය, ආරක්‍සක සේවා අණ හා මාණ්ඩලික පාසල සහ බංගලාදේශ ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයකද නිරත විය.

මෙම සංචාරය සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සමග එක්වුණු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය බංගලාදේශ ගුවන් හමුදා කාන්තා සංවිධානය මගින් සංවිධානය කරන ලද විශේෂ අවස්ථාවන් කිහිපයකටම එක් වූවාය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදු කරනු ලබන ක‍්‍රියාකාරකම් පිළිබඳව සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් බංගලාදේශ ගුවන් හමුදා කාන්තා සංවිධානය හමුවේ අදහස් දක්වන ලදී.



Commander of the Air Force Calls on the President of Bangladesh



Commander of the Air Force Calls on the Prime Minister of Bangladesh



Chairperson SVU


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි