රත්මලාන සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
10:34pm on Tuesday 15th December 2015
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම මත රත්මලාන සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක් පසුගිය දෙසැම්බර් මස 14 වන දින සිදු කරන ලදී.

මෙම වාට්ටුව කාන්තා වාට්ටුවක් වන අතර එය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 1985 වසරේ සිට නඩත්තු කටයුතු සිදු කරනු  ලබයි.  මෙහිදි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් තෑගි පාර්සල් සහ තේ පැන් සංග‍්‍රහයක්ද ලබා දීම සිදු කරනු ලැබූ අතර විවිධ වූ විනෝදාත්මක අංගයන්ද ඔවුන් වෙනුවෙන් ඉදිරපත් කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් රවී ජයසිංහ සහ කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී සන්ධ්‍යා ජයසිංහ මහත්මිය, රත්මලාන  ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්,  කඳවුරු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි