ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය , රෝහල් දේශන ශාලාව සහ කුඩා ශල්‍යාගාරයක් විවෘත කෙරේ.
10:23am on Thursday 17th December 2015
ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු රෝහලේ අවශ්‍යතාව මත හදිසි ප්‍රතිකාර ඒකකයක් , රෝහල් දේශන ශාලාවක් සහ කුඩා ශල්‍යාගාරයක් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් එල් ආර් ජයවීර මහතාගේ අතින් 2015 දෙසැම්බර් මස 15 දින විවෘත විය. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙණ නිලධාරී එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ මහතගේ සහභාගී විය.

දැනට පවතින රෝහල් සංකීර්ණයේ පහසුකම් අඩුකම නිසාත් , රෝහල් දේශන ශාලාව සහ කුඩා ශල්‍යාගාරය ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහලේ පවතින අකාරයටම වෙනස් කර ඇත.

මෙම හදිසි ප්‍රතිකාර ඒකකය සම්පූර්ණ උපකරණ වලින් සමන්විත වන අතර ඇඳ දෙකක් සදහා ඉඩ පහසුකම් සහිතය. මෙහිදී හෘද හා ශ්වසන රෝගීන් මෙන්ම හදිසි රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ලබා දෙන වෛද්‍ය හා ශල්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට හෑකිවන අතර එය රෝහල් අනාගතය යහපත් කිරීමට හේතු වනු ඇත. එසේම මෙහි හදිසි රෝගීන් ප්‍රවාහනය, භාරගැනීම හා ප්‍රභේද කිරීම සදහා අංග සම්පූර්ණ ගිලන් රථ සේවාවක් ද පවත්වනු ලබයි.
 
මෙම අලුතින් පිහිටුවන ලද රෝහලේ දේශන ශාලාව සහ සහ කුඩා ශල්‍යාගාරය තුළින් රෝහලේ ඵලදායී ශල්‍ය කළමනාකරණයක් කිරීමට හැකියාව ලැබෙනු ඇත. 2016 වසරේදී හෙදියන් , රෝහල් කාර්ය මණ්ඩලය සහ ගුවන් සේවකයන් සඳහා පවත්වා ගෙන යාමට නියමිත පුහුණුවීම් සඳහාත් මෙහෙයුම් ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව සහ මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව පැවැත්වීම සඳහාත් යොදා ගනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි