අංක 09 ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය කෙරේ
7:09am on Saturday 19th December 2015
අංක 09 ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේදී පවත්වන ලදී.

මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරීන් 19 දෙනෙකු තම පාඨමාලා සහතික පත් ලබා ගන්නා ලදි.

බංගලාදේශ ගුවන් හමුදාවේ ස්කොඩ්රන් ලීඩර් ඔමාර් කරීම් විසින් ගෝල්ඩන් ඔවල් කුසලානය දිනා ගනු ලැබූ අතර ඔ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් ඩබ්යූඑස් ද සිල්වා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂතම ශීස්‍යයාට හිමි ගෝල්ඩන් ඔවල් කුසලානය දිනා ගන්නා ලදී.

ආරක්‍ෂක ලේකම් කරුනාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ශ‍්‍රී ලංකා යුධ හමාදාවේ සහ නාවික හමුදාවේ හමුදාධිපතිවරුන්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා, ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා නිළධෘරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි