'සන්ධ්‍යා නත්තල් කැරොල් ගී ප්‍රසංගය 'ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
12:44pm on Saturday 19th December 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කල  'සන්ධ්‍යා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ' අද (2015 දෙසැම්බර් 18) දින කොළඹ ආරක්ෂක සේවා පාසලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දයේ පසුබිම් සංගීතයට ගුවන් හමුදා නිලධාරීන් නිලධාරිණියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් මෙම ගීතාවලිය ඉදිරිපත් කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රරධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා පිළිගන්නා ලදී. කොළඹ දිස්ත‍්‍රික් රදගුරු දිලෝරාජ් ආර්. කනගසබේ පියතුමන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය  සහ අනෙකුත් නිළධාරීන් නිළධාරිනියන් , සෙසු නිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දරු දෑරියන් පිරිසක් ද මෙම සංගීත රසාස්වාදය සඳහා එක්ව සිටියහ.

 තවද මෙම අවස්ථාවට බොරැල්ල බෙත්ලෙහෙම් ක්‍රිස්තු දේවස්ථානයේ දරු දෑරියන් 50 දෙනෙකුද  සහභාගි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි