නත්තල් බැති ගී වැඩසටහනක් මිහිඳු සෙත් මැදුරේදී
12:42pm on Wednesday 23rd December 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල නත්තල් බැති ගී වැඩසටහනක්(2015 දෙසැම්බර් 21) දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ නාමයෙන් මහා කැප කිරීම් කළ විවිධ හැකියාවන් ඇති රණවිරුවන් අගය කිරීමේ අදහසින් "මිහිඳු සෙත් මැදුරේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වාද්‍ය වෘන්දයේ පසුබිම් සංගීතයට ගුවන් හමුදා නිලධාරීන් නිලධාරිණියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් මෙම ගීතාවලිය ඉදිරිපත් කරන ලදී.

රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් පී ඩී කේ ටී ජයසිංහ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් ඇතුලු නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම බැති ගී වැඩසටහනෙන් අනතුරුව සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් , රණවිරුවන් සහ සහභාගී වූ සියලුමදෙනා සේවා වනිතා ඒකකයේ සත්කාරකත්වයෙන් සංවිධානය කල රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ද සම්බන්ධ විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි